free web stats

අධිවේගී මාර්ගවල ගෙවීම් කාඩ් මඟින් සිදුකිරීම මේ සතියේ සිට

අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත.

මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරිමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *