free web stats

අවුරුදු දා ජාතික රෝහලෙන් වාර්තා වූ අනතුරු

අලුත් අවුරුදු උදාවත් සමග දිවයින තුළ අනතුරු බහුල වශයෙන් සිදුවීම සෑම වසරකම සිදුවේ.

ඒ අනුව ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් තුවාල ලැබූවන් 30ක් පමණ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

එසේම ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙනුයේ අවුරුදු උදාවත් සමග විවිධ කටයුතුවලදී හදිසි අනතුරු සිදුවන බැවින් මෙම අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

මෙම සෑම හදිසි අනතුරක්ම වළක්වා ගත හැකි බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටිනුයේ උත්සව සමයේදී ආරක්ෂාකාරීව සිය දෛනික කටයුතු සිදු කිරීමෙන් සිදුවිය හැකි මෙම අනතුරු වළක්වා ගත හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *