free web stats

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ කෙරෙනවා.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා සඳහන් කළා.

මේ අතර සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21 වෙනිදා වන විට බෙදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක මහතා පැවසුවේ මින් අනතුරුව කිසියම් අධිකරණයකින් ඒ සම්බන්ධ නඩු තීන්දුවක් ලැබුණහොත් එම පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බවයි.

මේ වන විට පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර තිබේ.

ඉතිරි පළාත් පාලන ආයතන 112 සදහා තැපැල් ඡන්ද පත්‍රිකා අනිද්දා දිනයේදී නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *