free web stats

චාමර සම්පත් යළි රිමාන්ඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියොග කර තිබේ.

බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) මෙම නියෝගය ලබා දී ඇත.

රාජ්‍ය බැංකුවක් විසින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 10 ක් වටිනා චෙක්පතක් තම ගිණුමට බැරකර පෙර පාසල් සිසුන්ට පොත් බැග් දෙන මුවාවෙන් සාවද්‍ය පරිහරණයට ගෙන ඇතැයි යන චොදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඒ අනුව බදුල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අද යළිත් ඔහුව බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය්ට ඉදිරිපත් කර තිබුණි.

එහිදී මෙම ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කළ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඔහුව යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *