රන් පදක්කම රැගෙන තරුෂි දිවයිනට
සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගෙන මෙතෙක් මෙම තරගාවලියක දී දැක්වූ උසස්ම දක්ෂතා දක්වා ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙසේ පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම, මොවුන් ඉගෙනුම ලබන පාසල්වල සිසුන්, ගුරුභවතුන්, විදුහල්පතිවරුන් මෙන්ම ඔවුනගේ දෙමාපියන් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.