free web stats

අමෙරිකානු තීරුබදු සාකච්ඡා සාර්ථකයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති ‘ඉහළ තීරුබදු’ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනය අසල ඊයේ (23) පස්වරුවේ පැවති ජන රැළියකට එක්වෙමිනි.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කර ජාතික ජන බලවේගය සංවිධාන කරන, ජය නියතයි – ගම අපිටයි” ජන රැලි මාලාවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ රත්නපුරයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ නාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“සමහරු අපෙන් අහනවා ඔයාලා සොරකම් නොකලාට කරපු අයට මොකද කරන්නේ කියලා. මම අද උදේත් නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළා. කොතනද හිරවෙලා තියෙන්නේ කියලා. ඉදිරියේදී නඩු රැසක් මහාධිකරණයේ පවරනවා කියලා දැනුම් දුන්නා. ඉතින් අපිට දැනෙනවා මේ ආයතන ශක්තිමත්. ජනතාව අපිට ඡන්දය දීලා නීතිගරුක රටක් අපේක්ෂා කළා නම් මාලිමා රජය ඒ තත්වය ඇති කරලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *