free web stats

බෙලිඅත්තේ බස් අනතුරකින් 30 ක් රෝහලට

බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේ දී අද(29) උදෑසන සිදූ වූ බස් අනතුරකින් පුද්ගලයින් 30 ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේ දී දික්වැල්ල සිට බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය ලංගම බස් රථයක් මුහුණට ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තංගල්ල රෝහලට හා බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *