free web stats

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි.

මැයි මස 09 වන දිනට පෙර දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බව චමිල් මුතුකුඩ මහතා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,

“දිවයින පුරා කුමන හෝ දන්සලක් ඔබ විසින් ලබාදෙනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ලියාපදිංචි කිරීමේ කටයුතු ඔබ අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්. එම නිසා සෞඛ්‍ය සම්පන්න දන්සලක් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් සහ ලියාපදිංචි කිරීමේ කටයුතු ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සිදුකරන ලෙස අප සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

“මේ වනකොට දිවයිනේ යම් යම් ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින නිසා විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් දෙන දන්සල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව සියලුම දන්සල් පරික්ෂා කිරීමේ කටයුතු සිදුකරනවා.දන්සැල් පුර්ව පරික්ෂාවක් සහ දන්සල් ලබාදෙන දිනයේ පරික්ෂා කිරීම යන කටයුතු සියල්ල දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදුකරනු ලබනවා. විශේෂයෙන් දන්සල් ලබාදීමට ප්‍රථම දන්සල් ලබාදෙන ස්ථානයේ ජලය සහ ස්ථානීය පරික්ෂාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *