බස් අනතුරින් මිය ගිය පිරිස ඉහළට (UPDATE)
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වූවත් ම්ය ගිය පිරිස තව ඉහළ යා හැකි බවයි පොලිස්සිය පවසන්නේ.
අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය උදෑසන පැවසූවා.
බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙදෙනෙකු ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් මරුට
නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසූවා.
කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.