free web stats

මරු කැදවූ බස් රථය යළි පණ ගන්වයි

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී 23 දෙනකුට මරු කැඳවමින් ප්‍රපාතයට පෙරළුණ මගී බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නොමැති බව මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එහි ගිය විමර්ශන කණ්ඩායම විසින් කොත්මලේ පොලිස් ස්ථානයේ තිබෙන අනතුරට ලක්වූ සුන්බුන් වූ බස් රථය ධාවනය කර පරීක්ෂාවක්ද සිදුකර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එහිදී අනාවරණය වී ඇත්තේ සුක්කානම ආශ්‍රිතව තිබෙන සුළු දෝෂයක් ගැන පමණකි. එය මෙවැනි බරපතළ අනතුරක් සිදුවීමට තරම් හේතුවක් නොවන බවද තහවුරු වී තිබේ. මේ බස් රථය අනතුරට ලක් වූ දින පාන්දර තේ පානය සඳහා අවසාන වතාවට නවත්වා ඇති ස්ථානයේ පැය බාගයක් විවේක ගැනීම වෙනුවට විවේක ගෙන ඇත්තේ පැය කාලක් පමණි.

ඊට හේතුව අතරමඟදී මාර්ග තදබදයකට මුහුණ දී ඇති නිසා විනාඩි 45ක ප්‍රමාදයක් සිදු වීමය. ඒ වෙලාව ආවරණය කරගැනීමට තේ පානය සඳහා වූ පැය භාගය විනාඩි 15කට සීමා කරගෙන තිබේ.

තේ පානය නිම වී බස් රථය නැවත ගමන් ආරම්භ කර යන අතරතුර අවස්ථා කිහිපයකදි රියැදුරු සුක්කානම අතහැර ඇඟමැලි කැඩීමක්ද සිදුකර ඇත. ඔහු වෙහෙසකින් හා නිදිමත ගතියකින් සිට ඇති බවට විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *