එංගලන්ත-දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගය අද
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (29) පස්වරු 3.00ට ගුවහාතිදී පැවැත්වෙනවා.
මෙහිදී මූලික වටයේ දෙවැනි ස්ථානය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම සහ දෙවැනි තැනට පත්වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
මේ තරගාවලියේ මූලික වටයේ සිවුවැනි තරගය ද ඇතුළුව මේ දෙපිල අවසන් වරට හමුවූ අවස්ථා තුනේදීම ජය හිමිකර ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් ව්ය.
අද තරගය පැවැත්වෙන ගුවහාතිහි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවති එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 20.4කදී ලකුණු 69කට දැවී ගිය අතර, එංගලන්ත පිල ඕවර 14.1කදී ජය හිමිකර ගත්තේ කිසිවකුත් නොදැවී තිබියදී.
මේ දෙපිල 47 වරක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී හමුව ඇති අතර, ඉන් තරග 36ක් ජය ගැනීමට එංගලන්තය සමත් වෙද්දී දකුණු අප්‍රිකාව ජය ගෙන ඇත්තේ තරග 10ක් පමණි. දකුණු අප්‍රිකාව පසුගිය වසරේ දෙසැම්බර් මස ඩර්බන්හිදී පැවති තරගයෙන් අවසන් වරට එංගලන්තය පරාජය කර තිබෙනවා.
මේ තරගාවලියට පෙර තෙවරක් අවසන් පූර්ව වටයට පිවිස ඇති දකුණු අප්‍රිකානු කාන්තා පිල අවසන් වරට පැවති (2022) ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසි අතර, ඔවුන්ට මින් පෙර අවස්ථා තුනේදීම එම වටයෙන් ඉවත්වීමට සිදුව තිබිණි. දකුණු අප්‍රිකාව පිට පිට අවසන් පූර්ව වටයට පිවිසි තෙවැනි අවස්ථාව මෙය වේ.
එංගලන්තය අඛණ්ඩව අවසන් පූර්ව වටයට පිවිසි 6 වැනි අවස්ථාව මෙය වන අතර, 2022 තරගාවලියේ අනුශූරියන් බවට පත් විය.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය ලබන ඉරිදා (නොවැම්බර් 2) පැවැත්වීමට නියමිතයි.

