ආසියානු කුසලාන තරගාවලිය වර්ජනයට තීරණයක් ගෙන නෑ
ඉදිරියේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි වර්ජනය කිරීමේ තීරණයකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එළැඹ නැතැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා මහතා සඳහන් කරනවා.
මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නැඟී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලානයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් හෝ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බව ඉන්දීය ක්‍රිකට් ලේකම්වරයා පවසනවා.
මේ දිනවල පැවැත්වෙන අයිපීඑල් තරගාවලිය සහ එළැඹෙන එංගලන්ත සංචාරය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, ආසියානු කුසලාන සහභාගිත්වය පිළිබඳ ඕනෑම නිල තීරණයක් මාධ්‍ය හරහා විධිමත් ලෙස දැනුම් දෙන බවත් හෙතෙම අවධාරණය කළා.