free web stats

පොලිස් ස්ථානාධිපති අල්ලස් ගනිද්දී මාට්ටූ

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරවා දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා තිබුණි.

පසුව අදාළ රු ලක්ෂ 5ක මුදල අයැද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස 5.25ට පමණ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *