ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වේ.
මිය යන විට ඒ මහතා 73 හැවිදිරි වියේ පසු විය.
පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කර 2018 අග භාගයේ දී අත්තනායක එම්. හේරත් මහතා විශ්‍රාම දිවියට එළැඹුණි.
විශිෂ්ට දේශකවරයෙක් ලෙසද ඔහු බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටි අතර ස්වර්ණවාහිනීයේ අමාදහර ඇතුළු වැඩසටහන් ගණනාවකට ඔහු සම්පත් දායකත්වය ද ලබා දුන්නා.