free web stats

අදින් ඇරඹෙන පළාත් පාලන ආයතන

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.

පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදුකළ යුතු බව සඳහන්.

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර පළාත්පාලන ආයතනවල ආණ්ඩු පක්ෂය ගන්නා ජනතාවාදී තීරණ සඳහා සහාය ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවා.

බහුතර බලය හිමිකරගෙන නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂය සුදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ජාතික ජනබලවේගයට ජනතාව විසින් ලබා දුන් බලය අනුව පළාත් පාලන ආයතන පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *