ජනපති අනුර අද ජර්මානු ජනපති හමුවෙයි
ජර්මන් සංචාරය අරඹමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් හමුවීමට නියමිතව තිබෙනවා.
තුන් දින නිල සංචාරයක් අරඹමින් ජනාධිපතිවරයා ඊයේ(10) රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්,ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටියි.