ශ්‍රී ලංකා පාපන්දු පිල ආසියානු සුදුසුකම් වටයේ විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා සතුට සමරමින්
ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම් අතර ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී‘ කාණ්ඩයේ තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගෝල් 3-1ක විශිෂ්ට ජයක් ලැබීමත් සමඟ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදාකර ගත්තා.
කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පැවැති තරගයේ පළමු භාගයේ ගෝල් වාර්තා නොවූ අතර, දෙවැනි භාගය ආරම්භවී මිනිත්තු 10ක් තුළදී ගෝල් තුනක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් ව්ය.
ස්වීඩනයේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සම්භවයක් ඇති ආදවන් රාජමෝහන් තරගයේ 48 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත් අතර, එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිට ශ්‍රී ලංකා පිලට එක්වූ එස්. ඩිලෝන් සෙනන් 52 වැනි මිනිත්තුවේදී හා ජර්මනියේ සිට පැමිණි වාසිම් රාසික් 58 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ගෝල් සටහන් ව්ය.
චීන තායිපේ එකම ගෝලය 69 වැනි මිනිත්තුවේදී වේන් රූයි වාර්තා කරගනු ලැබිය.
ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී‘ කාණ්ඩයේ සිටින ශ්‍රී ලංකා – තායිපේ කණ්ඩායම් දෙකම මූලික වටයේ ආරම්භක තරග දෙක පරාජයවී සිටි හෙයින් මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ ජයත් සමඟ ඉදිරි බලාපොරොත්තු ඉහළ ගිය අතර ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේ සිටින අතර, චීන තායිපේ පාපන්දු පිල 166 වැනි ස්ථානයේ පසු වුවද, ශ්‍රී ලංකා පිල චීන තායිපේ ක්‍රීඩකයින්ට වඩා බොහෝ ඉදිරියෙන් ක්‍රීඩා කළ අයුරු දර්ශනය ව්ය.
මෙයට පෙර තායිලන්තය සමඟ තරගයේදී ‘රතු කාඩ්‘ අවවාද ලැබීමෙන් තරග දෙකක් තහනමට ලක්ව සිටින ශ්‍රී ලංකා පුහුණුකරු මොහොමඩ් අල් මුටෙයිරි ක්‍රීඩා පිටියේ නැති අවස්ථාවකදී මෙම තරගය ජය ගැනීම විශේෂත්වයකි.
ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ ‘ඩී‘ කාණ්ඩයේ මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ ගෝල් 1-0ක් ලෙස පරාජයට පත් වූ අතර, චීන තායිපේ කණ්ඩායම ටර්ක්මෙනිස්තානය හමුවේ ගෝල් 2-1ක් ලෙස පරාජයට පත්ව තිබේ.
ගෝල් කීපර් නායක සුජාන් පෙරේරා, අනුජන් රාජේන්ද්‍රන්, ගැරට් ක්‍රිස්ටෝපර්, සැමුවෙල් ඩුරන්ට්, ඩිලෝන් සෙනන්, මනිමෙල්දුරා ලියෝන්, වසීම් රසීක්, ක්ලව්ඩියෝ මැතිහස්, ජැක් හින්ගර්ට්, ආදවන් රාජමෝහන් හා ජේසන් තයාපරන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පිටියට පිවිසියහ. දෙවැනි භාගයේදී එස්. ස්ටීවන්, වේඩ් ඩෙකර් හා හා ඔලිවර් කෙලාට් ආදේශ ක්‍රීඩකයින් ලෙස පිටියට එක් ව්ය.
චීන තායිපේ ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නිසි ප්‍රයෝජන ගත් අතර, පළමු භාගයේදී ගෝල් ලබා ගැනීමේ අවස්ථා 3ක් පමණ මඟ හැරී ගියා.