free web stats

වසර අව­සා­නය දක්වාම ගිවි­සු­ම්ගත අයු­රින් ඉන්ධන ලැබෙ­නවා

ගිවි­සු­ම්ගත ආකා­ර­යට මේ වසර අව­සා­නය දක්වාම අවශ්‍ය ඉන්ධන ලැබී­මට නිය­මි­තව ඇති හෙයින් අන­වශ්‍ය බියක් ඇති කර ගැනී­මෙන් වළ­කින ලෙස බල­ශක්ති ඇමැති ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා අව­ධා­ර­ණය කරයි.

සියලු වර්ගයේ ඉන්ධන අවශ්‍ය තරම් තොග අගෝස්තු මාසය දක්වා ගබඩා සතුව ඇති බව ද අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළා.

ඉන්ධන හිඟ­යක් නොමැති හෙයින් බූලි, බැරල් ආදි­යට ඉන්ධන අන­වශ්‍ය ලෙස රැස් කර ගැනී­මෙන් වළ­කින ලෙස ද ඇමැ­ති­ව­රයා කියා සිටි­යා.

ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටියේ ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­රයේ පැවති විශේෂ මාධ්‍ය හමු­වේ­දී.

ගල්ෆ් කලා­පයේ ඇතිව ඇති යුද­මය තත්ත්වය සහ ඒ හා සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්ධන සම්බ­න්ධ­යෙන් ජන­තාව නොම­ඟ­ය­ව­න­සුලු ප්‍රවෘත්ති පළ වීම හේතු­වෙන් සැබෑ තත්ත්වය ගැන ජන­තාව දැනු­ම්වත් කිරී­මට මෙම මාධ්‍ය සාක­ච්ඡාව පැවැ­ත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *