ඉශාක් බෙග් ගායන ශිල්පියාට දැන් කොහොමද ? PHOTOS
පසුගියදා හදිසියේ රෝගාතුර වූ ගායන ශිල්පි මොහිදීන් ඉශාක් බෙග් මහතා මේ වනට රාගම රක්තවේද හා
පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට්නවා.
එතුමා සුව වෙමින් ඇති බවයි විපරම නිව්ස් අපට දැන ගන්න ලැබුනේ
කෙසේ වෙතත් ඔහුගේ සුවදුක් සොයා බැලීමට වගේම එතුමන්ට මූල්‍යමය පරිත්‍යාගයක් කිරීමට ගායක ගායිකාවන්ගේ සංගමයේ කලාකරුවන් අද දිනයේදී රාගම රෝහලට පැමිණ තිබෙනවා.
බෞද්ධ ගීතයේ සලකුණ අල්හාජ් මොහිදීන් බෙග් ශූරීන් වියෝව්මෙන් පසු එතුමන් නැති අඩුව ශ්‍රි ලාංකික බෞද්ධ ජනයාට නොදැනෙන්න ව්ශාල මෙහෙවරක් කළ මොහිදීන් ඉශාක් බෙග් කලාකරුවාණෙනි ඔබ තුමන්ට ඉක්මන් සුවය ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.
PHOTOS අන්තර් ජාලය ඇසුරෙන් උපුටා ගන්නා ලදී






