free web stats

ඊශ්‍රායලයට යන්න ඉන්න අයට දැනුම් දීමක්

මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස 31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර ඇති බවයි.

ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අයට Re – entry වීසා කාලය අවසන් වුවද එළැඹෙන මස 31 වැනි දින දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වී මේ හැකියාව පවතින බවද අමාත්‍යංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් අදාළ සියලුම ආයතන ද දැනුවත් කර ඇති බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *