free web stats

ආමි උපුල්ව වෙඩිතබා ඝාතනය කෙරේ

රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ ( 3 ) දින රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර සිටියේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.

ඔහු 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකු බවද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *