free web stats

ඉතාලි ජාතිකයෙකු දිනු පළමු විම්බල්ඩන් ශුරතාව

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් පරාජය කර මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට ඉතාලියේ යානික් සිනර් සමත් විය.

මෙරට වේලාවෙන් ඊයේ (13) රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී අල්කාරස් තරග වට 3-1 (4-6, 6-4, 6-4, 6-4)ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට සිනර්ට හැකිවිය.

මෙය 23 හැවිරිදි සිනර් දිනූ පළමු විම්බල්ඩන් කිරුළ මෙන්ම වසර 148ක තරග ඉතිහාසයේ ඉතාලි ජාතිකයෙකු දිනූ පළමු කිරුළ ලෙසද වාර්තා අතරට ද එක්විය.

එමෙන්ම මෙය සිනර්ගේ 4වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ද වේ.

මේ අතර අල්කාරස් ලැබු පරාජයත් සමග ඔහුට විම්බල්ඩන් ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට තිබු අවස්ථාව අහිවි වී ගියේය.

ඔහු අවසන් වරට පැවති අදියර දෙකම ජයග්‍රහණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *