free web stats

පරාජය කරනු ලබන්නේ මාලිමාවේ අයවැය නොව ජනතාවගේ අයවැයයි

පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරවීම හරහා ආණ්ඩුවට කිසිදු බලපෑමක් සිදු නොවන බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මෙසේ පරාජය කරනු ලබන්නේ මාලිමාවේ අයවැය නොව ජනතාවගේ අයවැය වන බව ද ඔහු වැඩිදුරටත් පැවසූවා.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පරාජයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ අයවැය තුළ ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා විශාල ප්‍රමාණයක් අනතර්ගත වූ බවත් මෙම පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සේවාවන් ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීම සඳහා මෙම අයවැය සකස් කළ බවත් ඔහු පවසා සිට්යා.

එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙම අයවැය හරහා සහන ලබා ගන්නේ මාලිමාවට ඡන්දය දීපු අය පමණක් නොව, සියල්ලන්ටම ඉන් සහන සැලසෙන බවයි.

ඒ අනුව අයවැය පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම, ඔවුන්ව පළාත් පාලන මන්ත්‍රීවරයෙක් කිරීම සඳහා ඡන්දය ලබා දුන් ජනතාවට එරෙහි වීමක් බවද ඔහු මෙහිදී පැවසූවා.

මහින්ද ජයසිංහ මහතා පවසන්නේ විපක්ෂය කුමන අරමුණකින් පළාත් පාලන ආයතනවල අයවැය පරාජය කරනවාද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා,

”හතරගාතේ දාලා වට්ටලා තිබ්බ රටක් අපි භාර ගත්තේ. අද වෙද්දී මහා භාණ්ඩාගාරය බිලියන 1200ක සංචිතයක් ගොඩ නගා ගන්න සමත් වුණා ගෙවුණු වසර තුළ. සංචාරක පැමිණීම හා ආදායම වැඩිවෙලා තියෙනවා.. විදෙස් ගත ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් වැඩිවෙලා තියෙනවා.. අයවැය පරතරය 4.5%ක වගේ පරතරයක තියාගන්න අපි සමත් වුණා. ලබන වසර වෙනුවෙනු ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1500ක මුදලක් වෙන්කරලා රටේ සැලකිය යුතු රටේ සැලකිය යුතු ව්‍යාපෘති ප්‍රමාණයක් කරන්න සැලසුම් කරලා තියෙන වෙලාවක තමා මේ සුළි කුණාටුව ආවේ.. ඒත් අහියෝග මැද රට ගොඩ නගන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *