free web stats

උදෑසන නාවින්නේ බස් අනතුරක්

අද (14) උදෑසන 6ට පමණ මහරගම නාවින්න ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහරගම පොලීසිය සඳහන් කරනවා.

නාවින්න පිහිටි බස්රථ නැවතුන් පොළේ සිට ප්‍රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්‍රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මේ වන විට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මහරගම පොලීසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

තුවාලකරුවන් මේ වනවිට කළුබෝවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *