free web stats

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් හිඹුටානේදී මාට්ටු

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම ජිප් රථය සොයා ගෙන ඇත.

ඊයේ (14) දහවල් කාලයේ මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි.

ජිප් රථය සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 53 හැවිරිදි හිඹුටාන, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *