කැළණිය සමුපකාර අයවැය පරදී
සීමාසහිත කැලණිය විවිධ සේවා සමුපකාර සමිතියේ අද (අගෝස්තු 20දා ඉරිදා) පැවති මහා සභා රැස්වීමේදී සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉදිරි වර්ෂය සදහා වූ අයවැය ලේඛනය වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
අයවැයට විරුද්ධව ජන්ද 44ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂ හිමි වූයේ ජන්ද 26ක් පමණයි.
කැලණිය විවිධ සේවා සමුපකාර සමිතියේ බලය හිමිව තිබුණේ සමගි ජන බලවේගයටයි.
විශේෂත්වය නම් එම පක්‍ෂයේ නියෝජිතයන් පිරිසක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමයි.
සමගි ජන බලවේගයේ සිව් දෙනකු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ තිදෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි.
සභාපතිවරයා ලෙසින් කටයුතු කළේ සමගි ජන බලවේගයේ මර්වින් රූපස් මහතායි. කැලණිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ වත්මන් මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක සිසිර සුමංගල සමරවීර මහතා පැවසුවේ අයවැය පරාජයෙන් පසුව මෙම අධ්‍යක්ෂ මණ්ඩලය අහෝසි වන බවත් සමූපකාරයේ පාලන වගකීම බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරයා යටතට පැවරෙනු ඇති බවයි.

