free web stats

විශ්‍රාමික DIG රොහාන්ගේ නිවසට අල්ලස් නිලධාරීන් ගිහින් නෑ

රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචා කළැයි චෝදනා එල්ල වී සිටින අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් පැමිණ නොමැති බව වාර්තා වෙනවා.

රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට අල්ලස් නිලධාරීන් ඇතුළු වී ඔහු රැඳී සිටි ස්ථාන කිහිපයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ තමා මේ වනවිටත් නිවසේ රැඳී සිටින බවයි.

2021 වසරේ දී දෙහිවල ප්‍රදේශයේ දී නයිජීරියානු ජාතිකයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී අදාළ විදෙස් කල්ලිය විසින් උපයාගත් රු ලක්ෂ 75ක මුදලක් කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරදී තිබුණා.

එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පවති ලෙස කටයුතු කර තිබුණේ රොහාන් ප්‍රේමරත්න මහතායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *