free web stats

තංගල්ල වෙරළට පැම්ණී‍ ව්පක්ෂය

තංගල්ල ගොය­ම්බොක්ක උණා­කූ­රුව දක්වා වෙරළ තීරයේ අන­ව­සර ඉදි­කි­රීම් කඩා ඉවත් කර­ගන්නා ලෙසට වෙරළ සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කුඩා පරි­මා­ණයේ සංචා­රක ව්‍යාපා­රි­ක­යන් දැනු­ම්වත් කිරී­මෙන් ඔවුන්ට සිදු වන හානිය සොයා බැලී­මට ඊයේ (21) පෙර­ව­රුවේ විප­ක්ෂයේ මන්ත්‍රී­වරු පිරි­සක් එම වෙරළ තීරයේ නිරී­ක්ෂණ සංචා­ර­යකට එක්ව්ය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන නාමල් රාජ­පක්ෂ, දිලිප් වෙද­ආ­රච්චි, ඩී.වී.චානක, හිටපු නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ යන මහ­ත්වරු ඇතුළු ප්‍රාදේ­ශීය දේශ­පා­ලන නියෝ­ජි­තයෝ පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යා.

හදි­සියේ තම ඉදි­කි­රීම් ඉවත් කර­ගැ­නී­මට සිදු වුව­හොත් තම ජීව­නෝ­පාය අහිමි වී දරු පවු­ල්පි­ටින් අස­රණ තත්ත්ව­යට පත්වන බව විපක්ෂ මන්ත්‍රී­ව­රුන් ඉදි­රියේ, වෙරළ තීරයේ අව­න්හල් ඉදි­ක­ර­ගෙන සංචා­රක ව්‍යාපා­රයේ නිරත වන කුඩා ව්‍යාපා­රි­කයෝ පැවසූවා.

මෙහිදී පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා සංචා­රක ව්‍යාපා­රය කියන්නේ මහා පරි­මාණ සංචා­රක හෝට­ල්ව­ලින් එන ආදා­යම පම­ණක් නොවන බවත් මෙවැනි පොඩි අව­න්හ­ල්ව­ලට එන ආදා­ය­මත් එහි දියු­ණු­වට බල­පාන බවත් පෙන්වා දුන්නා.

මෙර­ටට සංචා­ර­ක­යන් රැගෙන එන්නේ ආණ්ඩුව නොවන බවත් මේ වැනි කුඩා අව­න්හල් හිමි­යන් සහ සර්ෆින් ක්‍රීඩාවේ නියැළී සිටින තරු­ණ­යන් බවත් මේ පිළි­බ­ඳව ප්‍රායෝ­ගි­කව සිතා බලා රජය කට­යුතු කළ යුතු බවත් ඔහු පැවසූවා.

පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිප් වෙද­ආ­රච්චි මහතා පැව­සුවේ ලංකාව වටේ ඉන්න දුප්පත් සංචා­රක ව්‍යාපා­රි­ක­යන් එලවා දැමී­මට රජය කට­යුතු කරන බවයි.
යහ­පා­ලන සහ රාජ­පක්ෂ ආණ්ඩු කාලේ මේ විදි­යට ඉවත් කරන්න ආවත් අපි ඉඩ නොදුන් බවත් විප­ක්ෂයේ අපි පාර්ලි­මේ­න්තු­වේදී කල් තැබීමේ යෝජ­නා­වක් ගෙනැ­විත් මේ ගැන කතා­කර සහ­න­යක් ලබා­දී­මට කට­යුතු කරන බවත් වෙද­ආ­රච්චි මහතා පැව­සූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *