තංගල්ල වෙරළට පැම්ණී ව්පක්ෂය
තංගල්ල ගොයම්බොක්ක උණාකූරුව දක්වා වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරගන්නා ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුඩා පරිමාණයේ සංචාරක ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමෙන් ඔවුන්ට සිදු වන හානිය සොයා බැලීමට ඊයේ (21) පෙරවරුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එම වෙරළ තීරයේ නිරීක්ෂණ සංචාරයකට එක්ව්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, දිලිප් වෙදආරච්චි, ඩී.වී.චානක, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
හදිසියේ තම ඉදිකිරීම් ඉවත් කරගැනීමට සිදු වුවහොත් තම ජීවනෝපාය අහිමි වී දරු පවුල්පිටින් අසරණ තත්ත්වයට පත්වන බව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරියේ, වෙරළ තීරයේ අවන්හල් ඉදිකරගෙන සංචාරක ව්‍යාපාරයේ නිරත වන කුඩා ව්‍යාපාරිකයෝ පැවසූවා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සංචාරක ව්‍යාපාරය කියන්නේ මහා පරිමාණ සංචාරක හෝටල්වලින් එන ආදායම පමණක් නොවන බවත් මෙවැනි පොඩි අවන්හල්වලට එන ආදායමත් එහි දියුණුවට බලපාන බවත් පෙන්වා දුන්නා.
මෙරටට සංචාරකයන් රැගෙන එන්නේ ආණ්ඩුව නොවන බවත් මේ වැනි කුඩා අවන්හල් හිමියන් සහ සර්ෆින් ක්‍රීඩාවේ නියැළී සිටින තරුණයන් බවත් මේ පිළිබඳව ප්‍රායෝගිකව සිතා බලා රජය කටයුතු කළ යුතු බවත් ඔහු පැවසූවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ ලංකාව වටේ ඉන්න දුප්පත් සංචාරක ව්‍යාපාරිකයන් එලවා දැමීමට රජය කටයුතු කරන බවයි.
යහපාලන සහ රාජපක්ෂ ආණ්ඩු කාලේ මේ විදියට ඉවත් කරන්න ආවත් අපි ඉඩ නොදුන් බවත් විපක්ෂයේ අපි පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ යෝජනාවක් ගෙනැවිත් මේ ගැන කතාකර සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් වෙදආරච්චි මහතා පැවසූවා.