free web stats

රටෙන් පලා­ගිය ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩි­කා­වන් හට ලෝක කුස­ලානයට වරම්

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් පාල­නය හේතු­වෙන් පලා ගිය ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට මේ වසර අගදී ශ්‍රී ලංකාවේ හා ඉන්දි­යාවේ පැවැ­ත්වෙන කාන්තා ඕවර 50 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සහ 2026දී එංග­ල­න්තයේ පැවැ­ත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා­දී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය තීර­ණය කර ඇත.

තලේ­බාන් දැඩි නීති හමුවේ ඔස්ට්‍රේ­ලි­යා­වට පලා ගිය ඇෆ්ග­නි­ස්තා­න කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට උප­කාර කිරීම සඳහා ලොව ධන­වත්ම ක්‍රිකට් මණ්ඩල තුන වන ඉන්දි­යාව, එංග­ල­න්තය සහ ඔස්ට්‍රේ­ලි­යාව කැමැත්ත පළ‍ ­කොට ඇති බව සිංග­ප්පූ­රු­වේදී පෙරේදා (20) පැවති අයි­සීසී වාර්ෂික සමු­ළු­වේදී අනා­ව­ර­ණය කෙරිණි.

2021දී තලේ­බා­න්වරු ඇෆ්ග­නි­ස්තා­නයේ බලය අත්පත් කර ගැනී­මෙන් පසු කාන්තා­වන්ට ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා තහ­න­මක් පැනවූ අතර, අව­තැන් ක්‍රීඩි­කා­වන් ඔස්ට්‍රේ­ලියා‍වේ සිට ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා­දෙන ලෙස අයි­සී­සී­යෙන් ඉල්ලී­මක් කළේය. අයි­සීසී නියෝජ්‍ය සභා­පති ඉම්රාන් ක්වාජා මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ලය, එංග­ලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩ­ලය සහ ක්‍රිකට් ඔස්ට්‍රේ­ලියා සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරීමේ අවස්ථා ඇෆ්ග­නි­ස්තා­න කාන්තා ක්‍රිකට් කණ්ඩා­ය­මට ලබාදී ඇත. ඇෆ්ග­නි­ස්තා­න කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට සහ­යෝ­ගය දැක්වී­මට සහ ගෝලීය ක්‍රිකට් රාමුව තුළ ඔවුන්ගේ අනා­ග­තය සැල­සුම් කිරී­මට හරා­රේහි කලින් පැවති රැස්වී­ම­කදී මණ්ඩල තුන එක­ඟවී තිබිණි.

අයි­සීසී ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­වලි දෙක අත­ර­තු­රදී ඇෆ්ග­නි­ස්තා­න කාන්තා ක්‍රිකට් ක්‍රීඩි­කා­වන්ට අයි­සීසී අනු­ග්‍ර­හය යටතේ ජාත්‍ය­න්තර පුහු­ණු­ක­රු­වන් විසින් පව­ත්වනු ලබන වැඩ­මු­ළු­ව­ලට සහ­භාගී වීමට අවස්ථා හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *