free web stats

අද බැංකු පොතට එන අස්වැ­සුම දීමනාව

අස්වැ­සුම පළමු අදි­යර සඳහා සුදු­සු­කම් ලැබූ ප්‍රති­ලා­භීන්ගේ මේ මසයේ දීම­නාව අද (24) අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම වෙත බැර කිරීමට නියම්තයි.

ඒ අනුව රුපි­යල් 11,296,461,250.00 (එක­ළොස් බිලි­යන දෙසිය අනූ­හය මිලි­යන හාර­සිය හැට එක්ද­හස් දෙසිය පන­හක) මුද­ලක් ප්‍රති­ලාභී පවුල් 1,424,548 (දාහ­තර ලක්ෂ විසි­හ­ත­ර­ද­හස් පන්සි­ය­හ­ත­ළිස් අටක්) අතරේ බෙදා හරි­මින් ඔවුන්ගේ අස්වැ­සුම ප්‍රති­ලාභී බැංකු ගිණුම් වෙත බැර කිරී­මට නිය­මි­තවේ.

අදාළ ප්‍රති­ලා­භීන්ට අද (24) සිට තමාට හිමි ප්‍රති­ලාභී මුදල තම අස්වැ­සුම් ප්‍රති­ලාභී බැංකු ගිණු­මෙන් ලබා­ගත හැක.

එමෙන්ම අස්වැ­සුම අභි­යා­චනා සහ විරෝ­ධතා භාර ගැනීමේ කාල­සී­මාව මෙම මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

අස්වැ­සුම සුබ­සා­ධක ප්‍රති­ලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදි­ය­රට අදාළ අභි­යා­චනා සහ විරෝ­ධතා භාර ගැනීමේ කාල­සී­මාව මෙම මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරී­මට සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය තීර­ණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් අභි­යා­චනා සහ විරෝ­ධතා ඉදි­රි­පත් කිරී­මට නොහැකි වූ අය­දු­ම්ක­රු­වන්ට සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලයේ www.wbb.gov.lk වෙබ් පිටු­වට පිවිස අදාළ අය­දු­ම්පත් බාගත කර සම්පූර්ණ කිරී­මෙන් අන­තු­රුව තමා අයත් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට ගෙන­විත් භාර­දිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *