free web stats

වන අලි සුරකින වැඩසටහනටක්

වන අලි ජීවිත සුර­ක්ෂිත කිරී­මත් ග්‍රාමීය ජන­තා­වගේ දෛනික ජීවි­තය සුර­ක්ෂිත කිරී­ම­ටත් අදා­ළව ක්‍රියා­මාර්ග ගැනී­මේදී පව­තින මානව සම්පත් හිඟය මග­හ­රවා ගැනී­මට සිවිල් අර­ක්ෂක බළ­කායේ සාමා­ජි­ක­යන් 5000ක් සහා­ය­ක­යන් ලෙස කඩි­න­මින් අනු­යුක්ත කිරී­මට කට­යුතු කරන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­න­යක මහතා අදාළ නිල­ධා­රින්ට ඊයේ (24) උප­දෙස් දුන්නා.

වන­අලි ගැට­ලුව සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (24) සවස පැවැති අතර ඒ අව­ස්ථා­වට අදාළ අමා­ත්‍ය­වරු සහ නිල­ධා­රීන් එක්ව සිටි­යා.

එහිදී වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ගේ රාජ­කාරි කට­යු­තු­ව­ලට අඩු­පා­ඩු­වක්ව පව­තින වාහන සංචිත ප්‍රමා­ණය වැඩි කිරී­මට උප­දෙස් දුන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා, ඒ වෙනු­වෙන් කැබ් රථ සහ යතු­රු­පැදි මිලදී ගැනී­මට අවශ්‍ය කඩි­නම් පිය­වර ගන්නා ලෙස ද දැන්වූවා.

මීට අම­ත­රව ගම්මා­න­ව­ලට වන­අලි ඇතුළු වීම වැළැ­ක්වීම වෙනු­වෙන් යෝජිත කිලෝ­මී­ටර් 800කින් සම­න්විත ආර­ක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රති­ෂ්ඨා­පන කට­යුතු වෙනු­වෙන් අවශ්‍ය සැල­සුම් කඩි­න­මින් සකසා ඉදි­රි­පත් කරන ලෙසත් ජනා­ධි­ප­ති­ව­රයා උප­දෙස් දුන්නා.

එමෙන්ම වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුවේ සන්නි­වේ­දන අකා­ර්ය­ක්ෂ­මතා මග­හ­රවා ගනි­මින් ජන­තා­වට සමී­පව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රති­චාර දැක්වී­ම­ටත්, තොර­තුරු ලබා ගැනීම සඳහා නිසි ක්‍රම­වේ­ද­යක් සකස් කරන ලෙසත් නිල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පිය­වර ගත්තා.

දිනෙන් දින ඉහළ යමින් පව­තින වන­අ­ලින්ට සිදු­වන හිරි­හැර සහ ග්‍රාමීය ජන­තා­වගේ දෛනික ජීවි­ත­යට සිදුව ඇති බල­පෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විම­සී­මට ලක් කෙරුණා.

මෙහිදී නිල­ධා­රීන් විසින් මේ සම්බ­න්ධව පව­තින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විස­ඳුම් සෙවී­මේදී දීර්ඝ කාල­යක් තිස්සේ අදාළ ආය­තන මුහුණ දෙන ගැටලු පිළි­බඳ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු කරන ලදී.

මේ පිළි­බඳ අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්ව­යක් යටතේ වුවද වන­අ­ලින්ට සිදු­වන හිරි­හැර පිළි­ගත නොහැකි බවත්, ඒ වෙනු­වෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විස­ඳුම් සෙවී­මට පිය­වර ගත යුතු බවත්ය.

ග්‍රාමීය මට්ට­මින් මේ පිළි­බඳ සමී­පව අධ්‍ය­ය­නය කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දුන් ජනා­ධි­ප­ති­ව­රයා, දේශ­පා­ලන අධි­කා­රිය සහ ජන­තා­වද සහ­භාගි කර ගනි­මින් මෙම ගැට­ලු­ව­ලට නිසි විස­ඳුම් ලබා­දිය යුතු බව ද අව­ධා­ර­ණය කළා.

මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල, පරි­සර අමාත්‍ය ධම්මික පට­බැඳි, පරි­සර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජය­කොඩි, පරි­සර අමා­ත්‍යාං­ශයේ ලේකම් කේ.ආර්.උඩු­වා­වල, වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය, සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මේජර් ජෙන­රාල් පාලිත ප්‍රනාන්දු, වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් එම්.එස්.එල්.ආර්.පී. මාර­සිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලි සංර­ක්ෂණ) වී.එල්. තවු­ෆීන්, පරි­සර කොට්ඨා­සයේ නියෝජ්‍ය පොලි­ස්පති බිම්ෂානි ජාසිං­ආ­රච්චි, වන සංර­ක්ෂක ජන­රාල් එස්.සී. පාල­ම­කු­ඹුර යන මහත්ම මහ­ත්මීහු ද ආර­ක්ෂක අංශ­වල නිල­ධා­රීන් සහ වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීහු ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *