free web stats

(සජබ) යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා දිවි නසාගෙන

අද (29) අළුයම් කාලයත් අතරතුර කාලයේදී පේරාදෙණිය පොලිස් වසමේ යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුල පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බවත් කාන්තාවන් දෙදෙනෙකු නිවස තුලම මියගොස් සිටින බවටත් පේරාදෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 52 ක් පමණ වන අතර ඔහුගේ බිරිඳ සහ ගැහැණු දරුවා අවුරුදු 44 සහ 17 පමණ වේ.

ඔවුන් යහලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මරණකරු යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ලෙස කටයුතු කර ඇත. ඔහු සමගි ජන බලවේගය නියෝජනය කළ තැනැත්තෙකු වන අතර චම්පික නිලන්ත යන අයෙක් බව සදහන්.

මරණකාරියන් දෙදෙනාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.

පොලිස් මාධ්‍ය නිවේදනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *