රුමේෂ් හෙල්ල විසිකිරීම ඉසව්වේ ලංකා වාර්තාව අලුත් කරයි
ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්රීඩා තරගාවලියකදී (World Athletics Continental Tour – Bronze) හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග ඊයේ (10) පස්වරුවේ සමත් විය.
මෙහිදි ඔහු මීටර 86.50ක දක්ෂතාවක් දැක් වූ අතර, ඒ හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්රීඩා ශූරතාවලියටද ඔහු ඍජුව සුදුසුකම් ලබා ගත්තා.