free web stats

නීතිඥ සංගමයෙන් නිවේදනයක්

පසුගිය සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වී ඇති අදහස් පිළිබඳ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යයන් ඔස්සේ, අදහස් පළ කිරීමේදී හා නීතියේ විෂයපථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරික්ෂාකාරී අන්දමින් කටයුතු කරන ලෙසත් අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවත් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *