free web stats

ට්‍රම්ප්ගේ තීරු බද්දට එරෙහිව කටුනායකදී විරෝධතාවක්

අ‍මෙරිකානු තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය විරෝධතාවක නිරත වී තිබෙනවා.

අද (13) පස්වරුවේ කටුනායක නිදහස් වෙළද කලාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්වුන බව අප වාර්තාකරු පැවසුවා.

අමෙරිකාව විසින් තීරුබදු ඉහළ නැංවීමේ තීරණය හේතුවෙන් ඇගලුම් සේවකයින්ට වසර ගණනාවක සිට හිමි වූ වරප්‍රසාද කප්පාදු කිරීමට ආයතන පරිපාලනය පියවර ගෙන ඇති බව විරෝධතාවයේ නිරත පිරිස් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තීරුබදු ඉහළ යෑමත් සමග සේවකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් සිදු කළ ද මෙතෙක් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *