free web stats

ට්‍රම්ප් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට සූදානම්

රුසියානු ඉන්ධන මිලදී ගැනීම නවත්වන ලෙසත් යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන ලෙසත් ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර නේටෝ සංවිධානය විසින් චීනයට 50% සිට 100%ක තීරු බදු පැනවිය යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කර ඇතැයිද වාර්තා වේ.

මෙහි එක් පියවරක් ලෙස රුසියානු තෙල් අඛණ්ඩව ආනයනය කිරීම හේතුවෙන් ඉන්දීය භාණ්ඩ සඳහා අතිරේක 25%ක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *