free web stats

අලුත් 2,000 නෝට්ටුව ක්‍රම­යෙන් මුදල් සංසරණයට

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංව­ත්ස­රය සැම­රීම නිමි­ත්තෙන් නිකුත් කළ රුපි­යල් 2,000 සංස­රණ සමරු මුදල් නෝට්ටුව බල­ප­ත්‍ර­ලාභී වාණිජ බැංකු හරහා ක්‍රම­යෙන් මුදල් සංස­ර­ණ­යට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යව­හාර මුදල් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංව­ත්ස­රය සැම­රීම නිමි­ත්තෙන් 2025.08.29 දින රුපි­යල් 2,000ක සංස­ර­ණය සඳහා වන සමරු මුදල් නෝට්ටු­වක් නිකුත් කර තිබේ.

නව මුදල් නෝට්ටුව පහ­සු­වෙන් මුදල් සංස­ර­ණ­යට අනු­ගත කිරීම සඳහා, බල­ප­ත්‍ර­ලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසි­ර­වීමේ යන්ත්‍ර ක්‍රමාං­ක­නය කිරීමේ (Calibration) ක්‍රියා­ව­ලි­යක යෙදී සිටී. මෙම ක්‍රියා­ව­ලියේ ප්‍රග­ති­යට අනු­කූ­ලව, නව මුදල් නෝට්ටුව බල­ප­ත්‍ර­ලාභී වාණිජ බැංකු හරහා ක්‍රම­යෙන් මුදල් සංස­ර­ණ­යට නිකුත් කරනු ඇත.

ක්‍රමාං­ක­නය කිරීමේ ක්‍රියා­ව­ලිය අව­සන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සිය­ලුම බැංකු මාධ්‍ය­යන් හරහා මුදල් සංස­ර­ණ­යට අනු­ගත වීම සිදු වන අතර ඒ සඳහා ගත­වන කාල පරි­ච්ඡේ­දය තුළ මහ­ජ­න­තාව දක්වන සහ­යෝ­ගය ඉතා අගය කොට සල­කන බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සනවා.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර තොර­තුරු ව්‍යව­හාර මුදල් දෙපා­ර්ත­මේ­න්තුව ඇම­තී­මෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩ­විය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවි­සීම මගින් ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *