අලුත් 2,000 නෝට්ටුව ක්‍රමයෙන් මුදල් සංසරණයට
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 සංසරණ සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් 2025.08.29 දින රුපියල් 2,000ක සංසරණය සඳහා වන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කර තිබේ.
නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ මුදල් හැසිරවීමේ යන්ත්‍ර ක්‍රමාංකනය කිරීමේ (Calibration) ක්‍රියාවලියක යෙදී සිටී. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියට අනුකූලව, නව මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කරනු ඇත.
ක්‍රමාංකනය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමත් සමඟ නව මුදල් නෝට්ටුව සියලුම බැංකු මාධ්‍යයන් හරහා මුදල් සංසරණයට අනුගත වීම සිදු වන අතර ඒ සඳහා ගතවන කාල පරිච්ඡේදය තුළ මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය කොට සලකන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම මගින් ලබා ගත හැක.

