free web stats

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රිමාන්ඩ්

කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේ කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ කටුපොත, මාරකවිට, උකුවෙල යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *