සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම ඉහළට
සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 වැනි දින වන විට පැමිණ ඇති සංචාරකයින් ගණන 126,379කි.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 37,179කි.
දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර එම අගය 8,9.7ක් වේ.
ජර්මනියෙන් සංචාරකයින් 7,799ක්, චීනයෙන් සංචාරකයින් 7,226ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,049ක් ද මෙම මාසය තුළදී මෙරටට පැමිණ තිබේ.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය 362,774ක් බවත් එම අධිකාරියේ වාර්තාවේ සඳහන්ව තිබේ.
එමෙන්ම එක්සත් රාජධානියෙන් 160,078ක්, රුසියාවෙන් 121,452ක්, ජර්මනියෙන් 105,443ක් ද ලෙසින් සංචාරකයින් වසරේ එම කාලය තුළදී සංචාරය සඳහා මෙරටට පැමිණ තිබේ.

