free web stats

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මක්

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

අදාළ සැලැස්ම සඳහා එකඟවන ලෙස හමාස් සංවිධානයට අනතුරු අඟවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම නව සාම සැලැස්ම මගින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීමට යෝජනා කර ඇති අතර පැය 72ක් ඇතුළත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු ධවල මන්දිරය විසින් හමාස් සංවිධානයට කරුණු 20ක් ඇතුළත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *