free web stats

ඇල්පිටියේ නිවසකට වෙඩි තැබීමක්

ඇල්පිටිය, ඕමත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (05) රාත්‍රී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා.

මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුට හානි සිදුව නොමැති අතර නිවසේ ජනේලයක් බිදී ගොස් ඇති බවද වාර්තා වෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය සැක පළකරන්නේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු පොලිසියට ලබාදීමට එරෙහිව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *