free web stats

68 වන පොදු රාජ්‍ය සමුළුව සදහා ඇමතිනී සරෝජා ඇතුළු පිරිස දිවයිනෙන් පිටත් වෙයි

68 වන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට සහභාගී වීමට සඳහා ඇමතිනී සරෝජා පෝල්රාජ් අද (05) දිවයිනෙන් පිටත් ව්ය.

ගෝලීය පාර්ලිමේන්තු සහ දේශපාලනික ගැටළු සාකච්ඡා කිරීමේ අරමුණින් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව මෙවර බාබඩෝස් පාර්ලිමේන්තුවේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ බාබඩෝස් ශාඛාවේ සත්කාරකත්වයෙන් අද දින සිට 12 දින දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා සංසඳය නියෝජනය කරමින් එහි සභාපති ලෙස කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා මහතා, නීතීඥ සාගරිකා අතාවුද මහතමිය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසද සහභාගී ව්ය.

විවිධ අනු සමුළු රාශියක් සහ වැඩමුළු සැසි ගණනාවක් සමඟ සතියක් පුරාවට පැවැත්වෙන මෙම සමුළුව වෙත සහභාගී වීම සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි ⁣පෝල්රාජ් මහත්මිය ඇතුළු පිරිස අද (05) දින අළුයම බාබඩෝස් දිවයින බලා පිටත් ව්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *