පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
අදත් (06) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් ක්‍රියාත්මකයි.
අද (06) දිනයේද පෙර දිනවලට සාපේක්‍ෂව විශාල පාඨකයින් පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කරනවා.
විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 500 ක පමණ ප්‍රමාණයකින් ප්‍රදර්ශනය සමන්විතවේ.
පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවිධ වැඩසටහන් රැසක් අදත් පැවැත්වේ.

