විමල් අද තංගල්ල පොලීසියට යයි
පොලීසිය විසින් කරන ලද කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (09) පෙරවරුවේ තංගල්ල පොලිස් ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 700ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත් අඩංගුවට ගැනුණු පුවක්දණ්ඩාවේ සනා නමැති පුද්ගලයා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවකු බවට විමල් වීරවංශ මහතා පසුගියදා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ මහතාව මෙසේ තංගල්ල පොලීසියට කැඳවා ඇති බව සඳහවේ.

