අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්
අද (10) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

