විදේශ රටක සිට නීති විරෝධිව පරව්යන් ගෙනා දෙදෙනෙක් මාට්ටු
විදේශයක සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ පරවියන් 150 දෙනෙකු සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව පැවසුවේ කල්පිටිය කිඹුල්බොක්ක ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි එම සැකකරුවන් සිය භාරයට ගත් බවයි.
එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, 27 හා 39 යන වයස්වල පසුවන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වේ.
එම සැකකරුවන් හා ඩිංගි යාත්රාව සමග පරවියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කරුවලගස්වැව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

