free web stats

පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටිනවා

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී නීතිඥවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අතර සිදු වූ බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව, අදාළ පොලිස් නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය පෙනී සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

අදාළ නීතිඥවරයාගේ ක්‍රියා කලාපය වීඩියෝ දර්ශන මඟින් නිරීක්ෂණය කළ හැකි බවත්, ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය විසින් තීරණය කරනු ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *