free web stats

මනූෂ නානායක්කාරට ඇප Update

ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප හිමිව තිබෙනවා.

ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නා.

මනුෂ නානායක්කාර අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද උදෑසන පැමිණ තිබුණා.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා මෙලෙස කැඳවා ඇත.

කෙසේවෙතත් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නිෂ්ප්‍රභ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *